Friday, February 21, 2025

General line - 0115112241

හතුරුසිංහ සමග ඇති සියලු කොන්ත්‍රාත්වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇතැයි වාර්තා



ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ සමග එළඹ ඇති සියලූ කොන්ත‍්‍රාත්වලින් ඉවත්වීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

බොහෝදුරට ලබන සතියේදී හතුරුසිංහ එම ගිවිසුම්වලින් ඉවත් කරනු ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ. ඉකුත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කළා.

ඒ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ අපේක්ෂිත මට්ටමේ දක්ෂතා අතරට පැමිණීමට ශ‍්‍රී ලංකා පිළ අපොහොසත් වීම හේතුවෙන්. ඒ අනුව වැඩබලන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක රොමේෂ් රත්නායක පත් කිරීමට ද කි‍්‍රකට් බලධාරීන් කටයුතු කළා.  

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු තනතුරට මිකී ආතර්, මාර්ක් රම්ප‍්‍රකාශ් ඇතුළු කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.