රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් පැන නැගී නොමැති බව ජාතික උරුමය සැරැකීමේ සම්මේලනය අද (21) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.
මීට පෙර සඳහන් කෙරුණු කරුණු පිළිබඳව දිගින් දිගටම කරුණු සොයා බැලූ බවත් ඒ අනුව එහි ගැටලුකාරී තත්ත්වයක් ඇති බවට කරුණු වාර්තා වී නැති බවද අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාකාරව සිදුකෙරෙන බවත් පෙන්වා දෙන්නේ.
රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් සවිකර ඇති යකඩ බට දාගැබ් වහන්සේට බරක් බවට වූ කරුණද ඉන්ජිනේරුවන් පරීක්ෂා කර එය එසේ නොවන බවට සනාථ කර ඇති බවයි මහාචාර්ය ක්ෂණිකා හිරිබුරේගම පෙන්වා දුන්නේ.
ඒ අනුව රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව මහජනතාවට දැනුම් දෙන බවත් එහි කටයුතු භාරව සිටින විශ්ව පාරමී නැමැති ආයතනය ඉන්දියාවේ බුද්ධගයාවේද සම්පූර්ණ කටයුතු කරමින් ඇති බවත් මහාචාර්යවරිය සඳහන් කළා.
(වීඩියෝව පහළින් නරඹන්න)