Friday, February 21, 2025

General line - 0115112241

පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්‍රදේශයෙන් එල් ටී ටී ඊ නිල ඇදුම් මතුවෙයි

මාධව කුලසූරිය -වවුනියාව



මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්‍රදේශයේ වළ දමා තිබූ එල් ටී ටී ඊ නිල ඇදුම්, ප්‍රභාකරන්ගේ ඡායාරූප සහ එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පට ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉරනපලෙයි කිතුනු දේවස්ථානයේ තාප්පයක් ඉදිකිරීම සදහා කානු කපන අවස්ථාවේ එහි සිටි පිරිසකට වළ දමා තිබූ පෙට්ටියක් හමුවී ඇති බවයි. ඒ පිළිබද පුදුකුඩිඉරිප්පු පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ එය පරීක්‍ෂා කිරීමේදී අදාළ උපකරණ සොයාගෙන ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.