Friday, February 21, 2025

General line - 0115112241

මිනිස් ජාවාරමකට සම්බන්ධ දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මන්නාරම මුහුදේදී නාවික හමුදා භාරයට



නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් තුන් දෙනෙකු සහ මිනිස් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු කලාපයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් සිදුකළ පරීක්‍ෂාවකදීයි.

සැකකරුවන් ඩිංගි යාත්‍රාවකින් මෙරටට පැමිණෙමින් සිටි බවයි නාවික හමුදාව පැවසුවේ. සැකකරුවන්ගෙන් එක් අයෙකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල හිටපු පොලිස් නිලධාරියෙකුද වනවා. ඔහු පසුගිය කාලයේ ඉන්දියාවට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූ අයෙකු බවටද තොරතුරු අනාවරණ වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පැවසුවා.