Friday, February 21, 2025

General line - 0115112241

තමන්ට අපහාස කළ නීතිඥවරයෙක් ගෙන් වන්දි ඉල්ලා මන්ත්‍රි විජයදාස රාජපක්ෂ එන්තරවාසියක් යවයි



පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්‍ෂ විසින් රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ඉල්ලා නීතිඥ ප්‍රධාන් ඒ. රණගල නමැත්තාට එරෙහිව එන්තරවාසි යවා තිබෙනවා. ඒ, සමාජජාල ඔස්සේ තමන්ට අපහාස කිරීමෙන් තම කීර්ති නාමයට හා ගෞරවයට හානි කළ බව පවසමින්.

මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකයටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්‍ෂගේ මාධ්‍ය ලේකම් නීතිඥ නිලන්ත කුමාරගේ සදහන් කළේ.