බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයකට වැඩි තද වැසි ඇති විය හැකි බවයි අද (21) පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලටද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සදහන්. ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදනය හෙට (22) පස්වරු 4 දක්වා දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ. ඒ, පිළිබද කරුණු දැක්වූ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි.