සිය පාලනයක් යටතේ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා ඍජුවම රජයට නියෝග ලබාදීමට සූදානම් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. කඩුගන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් වැඩි පිරිසක් ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස වටා එක්වෙමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.