Friday, February 21, 2025

General line - 0115112241

පිටරටින් භෝග ගේන්න ඉඩ තියන්නේ නෑ



නව තාක්‍ෂණය ඔස්සේ ගොවි ජනතාවගේ දැනුම වැඩි කර ඔවුන්ගේ ආදායමද ඉහළ නැංවීමට තමන් කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

ඇඹිලිපිටිය, කොළොන්න ප‍්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින් ඔහු කියාසිටියේ සිය රජයක් යටතේ කිසිදු භෝගයක් පිටරටින් ගෙන ඒමට ඉඩ ලබා නොදෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ කියාසිටියේ වත්මන් ආණ්ඩුව කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කිසිදු වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොකළ බවයි.