ඒකීය මාතෘ භූමිය දෙකඩ කිරීමේ යෝජනාව වෙනුවෙන් තමන් කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා නොකරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.
එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "මොනම කොන්දේසියකටවත් අපේ මාතෘ භූමියේ ආත්ම ගෞරවය පාවා දෙන්නේ නෑ. ඕනම පාර්ශ්වයනට, ඕනම පක්ෂයකට පුළුවන් කොන්දේසි ඉදිරිපත් කරන්න. නමුත් ඒ කොන්දේසිවලට යටත් වෙලා දේශපාලන වාසි ලබා ගන්න අපි කටයුතු කරන්නේ නෑ. අපිට තියෙනවා..අපිටම හිතන්න පුළුවන්..අපිටම නිර්මාණය කරන්න පුළුවන් රටටම ආවේනික වූ දර්ශනයක්. ඒ තමයි ඒකීය මාතෘ භූමිය. ඒ ප්‍රතිපත්තිය අපි කාත් එක්කවත් සාකච්ඡාවකටවත් භාජනය කරන්නේ නෑ. ඒ වගේම අපේ රටේ බුද්ධාගමට මුල්තැන ලබා දීලා... ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබා දෙන ඒ සුවිශේෂී ස්ථාවරය එලෙසම ක්‍රියාත්ම කරමින් සෙසු ආගම් සහ ජාතීනුත් රැකගෙන එක්සත්ව ක්‍රියාත්මක වෙන්න ඕනේ." යනුවෙනි.
ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.