Friday, February 21, 2025

General line - 0115112241

ජනතාවට ඔරොත්තු නොදෙන වියදම් ගැන අනුර කුමාර පෙන්වයි



මෙරට විධිමත් පොදු ප‍්‍රවාහන සේවයක් කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් එහි බලපෑම ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩා වැටීමටද හේතු වී ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

 ශී‍්‍ර ලංකා  පදනම් ආයතනයේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික ආර්ථික ප‍්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී "පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වැටීම හේතුවෙන් හැම පුරවැසියටම සිදුව තිබෙනවා තමන් විසින් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්න. ඒක තමන්ගේ ආදායමට කිසිසේත්ම ඔරොත්තු නොදෙන වියදමක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා පවුල්වල ආරවුල් ඇති වෙලා, ආර්ථික අර්බුද නිර්මාණය වෙලා, ගෙවල් විකුණන්න සිදුවෙලා. " යනුවෙන්ද සඳහන් කළා.