Saturday, May 11, 2024

General line - 0115112241

මඩකලපුව බලා ධාවනය වන මීනගයා දුම්රිය අද අවලංගු කෙරේ




අද (22) රාත්‍රී කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනයවීමට නියමිතව තිබූ මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ඇතුළු දුම්රිය 04ක් අවලංගු කර තිබෙනවා.

ඒ, මීනගයා දුම්රිය අද අලුයම කලාවැව උප දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්. මඩකලපුව සහ ත්‍රීකුණාමලය මාර්ගයේ ධාවනය වන දුම්රිය 04 ක් මෙලෙස අවලංගු වනු ඇති.  

..................................................................

ති‍්‍රකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා

(22-10-2019 10:00)

ති‍්‍රකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ, කොළඹ කොටුවේ සිට - මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ‍්‍රගාමී දුම්රිය ඊයේ (21) රාති‍්‍රයේ පීළි පැනීමකට ලක්වීම හේතුවෙන්.

එම දුම්රියේ එන්ජිම සහ මැදිරි 6 ක් අවුකන දුම්රිය ස්ථානය ආසන්යේදී පීළිපැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.