ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග ගොණු කළ නඩුව අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්ත දිස්ති‍්‍රක් අධිකරණය ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.
අහිම්සා වික‍්‍රමතුංග ඉකුත් අපේ‍්‍රල් මස මෙම නඩුව පවරා තිබුණේ යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය හරහායි.
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන් ක‍්‍රමානුකූලව වදහිංසාවට ලක් කිරීම යන චෝදනාව යටතේ මෙම නඩුව ගොණුකර තිබුණා.