කැළණි සහ අත්තනගලූ ගංගාධාර ප‍්‍රදේශ වෙත ලැබුණු අධික වර්ෂාපතනයක් සමග කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් කැළණි ගඟේ නාගලගම්වීදිය, හංවැල්ල හා ග්ලේන්කෝස් ජල මිනුම් ස්ථානවල ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කැළණි ගඟ ආශ්‍රිතව සහ ඊට ආසන්න පහත් බිම් ප‍්‍රදේශවල පදිංචි ජනතාව ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අත්තනගලූ ඔය, දූනමලේ ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති බැවින් අත්තනගලූ ඔය ආශි‍්‍රත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවද ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.