Tuesday, May 14, 2024

General line - 0115112241

ඇවන්ට්ගාර්ඩ් සභාපති නොවැම්බර් 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

අධිකරණ වාර්තාකරු




ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිව, ඔහුට එරෙහිව ගොනු කර ඇති අල්ලස් නඩුව සම්බන්ධයෙන් නොවැම්බර් මස 14 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණය අද (22) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරා ඇති  නඩුවක් සම්බන්ධයෙන්.

මෙම නඩුවේ විත්තිකරුවෙකු වන නිශ්ශංක සේනාධිපති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති බැවින් අද දින අධිකරණයේ පෙනී නොසිටින ලදි.

ඒ අනුව මෙම නඩුව නොවැම්බර් මස 14 දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. අධි චෝදනා 47 න් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාර දෙනු ලැබුවා.

අධි චොදනා 47 ක් යටතේ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රජයේ නිලධාරියකු ලෙසට කටයුතු කළ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරනයේ නඩු පවරා තිබෙනවා.