මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ ප්‍රධාන ඉදිරිපස වීදුරුව අවහිර වන ලෙස මැද කණ්නාඩියේ සිට පහතට වැටෙන සේ සවිකර තිබූ මල් මාලා ඉවත් කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.