මහනුවර - මාතලේ අතර දුම්රිය ධාවනය ලබන 25 වැනිදා සිට දින 3 ක් අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, එම මාර්ගයේ සිදු කෙරෙන අලූත්වැඩියාවක් හේතුවෙන්.
ඒ අනුව මහනුවර මාතලේ අතර දුම්රිය ධාවනය ලබන 25 වැනිදා පෙරවරු 8.00 සිට 28 වැනිදා අළුයම 4.00 දක්වා අත්හිටුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර ති‍්‍රකුණාමලය - මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. ඒ, කොළඹ කොටුවේ සිට - මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ‍්‍රගාමී දුම්රිය ඊයේ රාති‍්‍රයේ පීළි පැනීමකට ලක්වීම හේතුවෙන්. එම දුම්රියේ එන්ජිම සහ මැදිරි කිහිපයක් අවුකන දුම්රිය ස්ථානය ආසන්යේදී පීළිපැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.