දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුත්තක් සිදුකරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් මෝටර් රථයක ගැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස මාර්ගය මැද පිහිටි යකඩ වැටේ ප්‍රතිසංස්කරණ කටයුතු වල යෙදී සිටිමින් සිට ඇත.
පොලිසිය පැවසුවේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් මෙලෙස මාර්ග නඩත්තු කටයුත්තක යෙදී සිටි පිරිසක් අනතුරකට ලක් කර ඇති බවයි. මෙම අනතුර අධිවේගී මාර්ගයේ 33.7 L ප්‍රදේශයේදී සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ අයෙක් බවයි නාගොඩ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටිය බවයි රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කලේ.