Tuesday, May 14, 2024

General line - 0115112241

'රාජ්‍ය ඇදුරුතුමා' කතාව නිසා ශාන්තිකර්මවේදීන්ගේ සංවිධානයක් පොලිසි යයි




සිය ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සකස් කළ ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන ශාන්තිකර්මවේදීන්ගේ සංවිධානය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සංවිධානයේ සභාපති චන්දික අමිත්ගේ නිල මුද්‍රාවද සහිතවයි මෙම ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ රජයේ රාජ්‍ය ඇදුරුතුමා වශයෙන් නිලතලයක් පිරිනමන බවට එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

මෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි ශී‍්‍ර ලංකා පොදුජන ශාන්ති කර්මවේදීන්ගේ සංවිධානය සඳහන් කළේ.