Sunday, May 12, 2024

General line - 0115112241

රුපියල් මිලියන 39 ක රන් බිස්කට් සමග ඩියුටි ෆ්‍රී සේවකයෙකු කටුනායකදී අත්අඩංගුවට




රුපියල් මිලියන 39කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් 40 ක් සමඟ කටුනායක ගුවන් තොටුපොලේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළද සැල් සේවකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම රන් බිස්කට් තොගයේ බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 400 ක් පමණ වන බවයි වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් පැවසුවේ.

මීට පෙර ද මෙම සැකකරු රත්රන් ගුවන් තොටුපොලෙන් පිට කිරීම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් වූ අයෙක්. සැකකරු ග්‍රෑම් 100 බැගින් අඩංගු රන් බිස්කට් 40 ක් සිරුරේ සඟවා ගෙන ගුවන් තොටුපොලෙන් බැහැරට රැගෙන යාමට තැත් කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්.