Sunday, May 12, 2024

General line - 0115112241

තැපැල් ජන්දය භාවිත කිරීමේදී පිළිගත් හඳුනුම්පතක් ඉදිරිපත් කරන්න : මැතිවරණ කොමිසන් සභාව 




ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමේදී රාජ්‍ය සේවකයින් විසින් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ජාතික හැදුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය හා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පත් අංකය සදහන් වන රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරුකළ යුතු බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

රාජකාරී හැදුනුම්පත තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පිළිගනු ලැබුවද එම හැදුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද දායකයාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු අධීක්ෂණයට පත්කර ඇති නිලධාරියා විසින් සිදුකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

තැපැල් ජන්ද සලකුණු කිරීම මෙම මස 31 වෙනිදා සහ නොවැම්බර් 01 වෙනිදා පැවැත්වේ.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කර සිටින්නේ.