Saturday, May 11, 2024

General line - 0115112241

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02 ක් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ලේදී අත්අඩංගුවට

අශෝක එරමිනිගම්මන




මෙරට නිෂ්පාදිත ගිනිඅවි 02 ක් සන්තකව සිටි පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල, ඉහළ අරව්වල ප්‍රදේශයේදී අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතලේ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශ ඒකකයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල, ඉහළ අරව්වල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සහ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. සැකකරුවන් විසින් කලක පටන් සංවිධානාත්මක ලෙස ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් සඳහා දඩමස් සැපයීම සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාරවණ වී තිබෙනවා. ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.