Sunday, May 12, 2024

General line - 0115112241

අන්තවාදීන්ගෙන් තොර සුරක්ෂිත රටකට ගෝඨාභයගෙන් ප්‍රතිඥා




අන්තවාදීන්ගෙන් තොර සුරක්ෂිත රටක් බිහිකරන බවට ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව විසින් බිඳදමනු ලැබූ රටේ ආරක්ෂාව යළි සහතික කිරීම සඳහා තමන් සතුව වැඩපිළිවෙළක් ඇති බවයි. 

අධ්‍යාපනය මෙන්ම රටේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ හිනිදුම අද පැවැති ජනරැළියක් අමතමින්. මෙම ජනරැළිය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වුණා. විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළේ රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගතයුතු වේලාව දැන් උදාවී ඇති බවයි. 

ජනතාවට වඩා වැදගත් වන්නේ රටේ ආරක්ෂාව බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. 

රට ආරක්ෂා කළ හැකි බවට ප්‍රායෝගිකව ඔප්පු කළ පුද්ගලයා ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පමණක් බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.