Friday, May 17, 2024

General line - 0115112241

අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී පහර කෑමකට ලක්වූ තරුණයෙක් මරුට




මහරගම, දෙපානම, පන්නිපිටිය අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිට දී පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අද (23) අලුයම් කාලයේ අදාළ තරුණයා මෙම පහරකෑමට ලක්ව තිබෙනවා.

මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ රුසික රුක්ෂාන් නැමැති බොරැල්ල පාර, දෙපානම පන්නිපිටියේ පදිංචි තරුණයෙක්.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.