Friday, May 17, 2024

General line - 0115112241

අධිකරණයට ගෙනා හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර නොවැම්බර් මස 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළා.

සැකකරුවන් දෙදෙනා අද බන්ධනාගාර නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය සැකකරුවන්ට මීට පෙර ඇප මත මුදාහැරීමට කළ නියෝගය අත්හිටුවා ඔවුන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය ඔක්තෝබර් මස 9 වැනි දා නියෝග කරන ලදී.

සැකකරුවන් දෙදෙනාට දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ වරදක් කර ඇති බවට නීතිපතිවරයා තහවුරු කර ඇති අවස්ථාවේදී ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයකුට බලය නොමැති බවත් එම බලය ඇත්තේ මහාධිකරණයට බව මහාධිකරණය අවධාරණය කර සිටියා.

ඒ අනුව සැකකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය දෝෂ සහිත බවට මහාධිකරණය තීන්දු කර තිබුණා.