Friday, May 17, 2024

General line - 0115112241

තාජුදීන් ඝාතන සිද්ධියේ නඩුව නොවැම්බර් 07 විභාගයට

අධිකරණ වාර්තාකරු




හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් මස 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළා.

මෙම නඩුව අද දින විභාගයට කැඳවූ අවස්ථාවේ විත්තිකරු වන අනුර සේනානායක අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහු රෝගාතුරව ප්‍රතිකාර ලබන බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙන ලදි.

මෙම ඝාතනයට අදාළ විමර්ශන සිදු කිරීමේදී ඊට අදාළ සාක්ෂි වසන් කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අනුර සේනානායකට එරෙහිව එම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.