Sunday, May 12, 2024

General line - 0115112241

සහය දෙන අපේක්ෂකයා ගැන තීරණය 31 ප්‍රකාශ කරනවා : දෙමළ ජාතික සන්ධානය 

දිනසේන රතුගමගේ - වවුනියාව




ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින්  සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබදව ගන්නා තීරණය මේ මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරණ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා වට පහක් පැවැත් වූ  බවත් ප්‍රධාන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බවත් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරණ අතර ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වීමට කල් ඉල්ලීම නිසා දෙමළ  ජාතික සන්ධානයේ තීරණයද මෙපමණ කාලයක් කල් ගිය බව පැවසීය.

නමුත් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ පිරිස සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය සමග ඔවුන් කිසිවක් මෙතෙක් සාකච්ඡා කොට නොමැති බවයි.

වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා සහ වෙනත් අය සමග  සාකච්ඡා කළද එම සාකච්ඡා ජනාධිපතිවරණයේදී සහය ලබා ගැනීම සදහා වූ නිල මට්ටමේ සාකච්ඡා නොවන බවද ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක  නියෝජිතයෝ කියා සිටියා.

නමුත් දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ මේ දේශපාලන පක්ෂ වල පිරිස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය  උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කළ බවයි. 

එහිදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) පක්ෂය  හැර අනෙක් සියළුම පක්ෂ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හා සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් එකගතාවයකට පත්ව සිටින බවද දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.