Sunday, May 12, 2024

General line - 0115112241

ගිනි අවි දෙකක් සමග "කුඩු දිලීප" STF අත්අඩංගුවට 




පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දිලීප් තරංග හෙට්ටිආරච්චි නොහොත් "කුඩු දිලීප" නැමැත්තා විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඔහුගේ නිවෙසේ සිදුකළ සෝදිසියකදී වායු පිස්තෝලයක්, වානේ කඩු තුනක් සහ ජංගම දුරකතනයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මේ වන විට සැකකරු වැල්ලම්පිටිය පොලිසියට භාරදී ඇත.