Sunday, May 12, 2024

General line - 0115112241

වසා දැමුණු ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කොටස තවදුරටත් අවදානම්

පාලිත ආරියවංශ




නායයෑමට ලක්ව ගල් සහ පස් වැටීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ඇල්ල - වැල්ලවාය ප‍්‍රධාන මාර්ගය විවෘත කිරීම ප්‍රමාද කර තිබෙනවා.

බදුල්ල දිස්ති‍්‍රක් ලේකම් දමයන්ති පරණගම පැවසුවේ පර්වතය ඉහළ කොටසේ පිපිරීම් කිහිපයක් දක්නට ලැබෙන බැවින් ගල් පෙරලීමේ අවදානම තවදුරටත් පවතින බවයි.

මෙලෙස වසා දමා ඇත්තේ ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 03 ක් පමණ දුරින් පිහිටි 24 සහ 25 වන කිලෝමීටර් කණු අතර ප‍්‍රදේශයයි.

මාර්ගය යළි විවෘත කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ආපදා කළමණාකරණ ඒකකය, යුධ හමුදාව සහ පොලිසිය මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් තවදුරටත් පර්යේෂණ සිදු කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.