Sunday, May 12, 2024

General line - 0115112241

හෙරොයින් ජාවාරමට වරදකරු වූ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්




හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 33 ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළා. මෙලෙස සිරදඬුවම් නියම වුණේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකටයි.

2012 වසරේ ඔක්තෝබර් මස 01 වනදා රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි නිවසේදී හෙරොයින් සන්තකව සිටි විත්තිකාරිය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව නඩු පවරනු ලැබ තිබුණේ මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම්කිරීම යන චෝදනා යටතේයි.