Wednesday, May 22, 2024

General line - 0115112241

අද උදෑසන සිට රටපුරා හදිසි වැඩවර්ජනයක්




පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය අද (30) උදෑසන 08.00 සිට රටපුරා හදිසි වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

වර්ජනය හේතුවෙන් රෝහල් ආශ‍්‍රිතව සිදුවිය හැකි සේවා බිඳවැටීම් සම්බන්ධයෙන් නෙත් නිවුස් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ "රෝහල් සේවාවල බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු, එක්ස් රේ ලබා ගැනීමේ කටයුතු, ECG ලබා ගැනීම ආදී අංශ රැසක කටයුතු බිඳ වැටිය හැකියි." යනුවෙනි. 

අද දිනයේ පිළිගත හැකි විසඳුමක් නොලැබුණ හොත් ඉදිරි දින කිහිපයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සූදානම් වී ඇති බවත් සඳහන් කළා.

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් 06 ක් සහ අතුරු වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් 15 ක නිලධාරීන් මෙම වර්ජනයට එක්වීමට නියමිතයි.