Wednesday, May 22, 2024

General line - 0115112241

පොලිසිය ගමන් ගත් රථයට වනඅලියෙක් හැප්පෙයි - රථයට බරපතල හානි

එමි.එම්. පී .ජී. පෙරේරා




කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරීන් පිරිසක් අද (30) උදෑසන 5.00 ට පමණ  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැදවච්චිය මහජන රැළියේ ආරක්ෂක කටයුතු සඳහා ගමන් කරමින් සිටියදී  පොලිස් නිලධාරීන් ගමන් ගත් මෝටර් රථය වනඅලියකුගේ ගැටී තිබෙනවා.

අනතුරෙන් මෝටර් රථයට බරපතල හානි සිදු  වී ඇති අතර සිද්ධියෙන් කලබලයට පත් වනඅලියා රථයට පහරදී තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධියෙන් පොලිස් නිලධාරීන්ට අනතුරක් සිදු වී නැති අතර කාන්තා පොලිස් නිලධාරීනියන් දෙ⁣දෙනෙක් හා පොලිස් නිලධාරීයකු  පෞද්ගලික මෝටර් රථයකින් මෙලෙස ගමන් කරමින් සිටියදී  මිහින්තලය නාමල් වැව ප්‍රදේශය්දී එකවරම වනඅලියා මාර්ගය හරහා පැමිණ තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් පැමිණ වනඅලියා පලවා හැර තිබුණා.