Tuesday, May 21, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටින් ඇරඹේ




එළඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (31) ආරම්භ වනවා. ඒ සඳහා දින 04 ක් ලබාදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඒ අනුව හෙට දිනයට අමතරව නොවැම්බර් 01 වැනිදා, 04 වැනිදා සහ 05 වැනිදා යන දිනවල ද තැපැල් ඡන්ද දායකයින්ට සිය සේවා ස්ථාන තුළදී ඡන්දය ප‍්‍රකාශ කළ හැකියි.

මෙම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඒ සඳහා නොවැම්බර් 07 වැනිදා ද අවස්ථාව ලබාදී ඇති බව ද ප‍්‍රකාශ කෙරුණා. තැපැල් ඡන්ද විමසීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

තැපැල් ඡන්ද විමසීම අධීක්ෂණය සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක  බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.