Tuesday, May 14, 2024

General line - 0115112241

චන්ද්‍රා කළුආරච්චි ජිවන ගමනට සමුදෙයි 




ප්‍රවීන සංගීත ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ගේ බිරිඳ වන ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමියට වයස අවුරුදු 76 ක් බවයි පවුලේ ඥාතින් ප්‍රකාශ කර සිටියේ.

1960 දශකයේදී සිනමාවට පිවිසි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය රංගනයෙන් දායකවූ චිත්‍රපට අතර රෝමියෝ ජුලියට් කතාවක්, දඬුමොණරා, ආරාධනා, හිමගිර, යුවතිපති, පවුරු වළලු, ඉර මැදියම, බොරදිය පොකුණ සහ නිසල ගිර බෙහෙවින් ප්‍රේක්ෂක සිත් ඇද තබා ගත්තා.