Wednesday, May 15, 2024

General line - 0115112241

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමේ යටි අරමුණ ගැන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගෙන් හෙළිදරව්වක්




මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් මෙරට ඉඩම් කොල්ලකෑමේ යටි අරමුණකින් අමෙරිකාව කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක් වූ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ  කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ සමයේ අමෙරිකානු විරෝධී භීෂණයක් මවා පෑමට විපක්ෂය උත්සාහ දරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ජනතාව නොරවටා ඵක්‍ක්‍ ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් වේ නම් එය එළි කරන ලෙස අභියෝග කරන බව ද අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.