Tuesday, May 14, 2024

General line - 0115112241

පාසල් 665 කට ලැප්ටොප් පරිගණක 15,445 ක්




දිවයින පුරා පාසල් 665 කට ලැප්ටොප් පරිගණක 15,445 ක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, සෑම පළාතකින්ම එක් අධ්‍යාපන කලාපයක් බැගින් වන පරිදි තෝරාගත් ද්විතියික පාසල් 665 ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගන්නා බවයි.

ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200 ක්. එක් එක් පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පදනම් වූ පොදු ක්‍රමවේදයක් යටතේ මෙම පරිගණක ලබා දීමට නියමිතයි.