Wednesday, May 15, 2024

General line - 0115112241

ජන්ද මධ්‍යස්ථානය ඇතුලේ වීඩියෝ කළ ගුරුවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට 

කුෂාන් ජයවර්ධන 




කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැති තැපැල් ඡන්ද භාවිත කිරීමේ මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ ගත කළ බව කියන ගුරුවරුන් දෙදෙනෙකු ඊයේ (01) පස්වරුවේ කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකාර ගුරුවරු දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබූ බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කලේ.
       
අත්අඩංගුවට පත් සැකකරුවන් සිය තැපැල් ඡන්දය භාවිත කිරීමට පැමිණී අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය තුළ ඡායාරූප හා වීඩියෝ දර්ශණ ලබා ගෙන ඇති බව පැවැසේ. සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන දෙකක් ද වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙලෙස සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසැල් දෙකකට අනියුක්තව කටයුතු කරන ගුරුවරුන් දෙදෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 30 හා 31 යන වයස්වල පසුවන බවයි පොලිසිය සඳහන් කලේ.

සැකකරුවන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (02) ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.