Wednesday, May 15, 2024

General line - 0115112241

කුමන බලපෑම් ආවත් තමන් රට පාවා නොදෙන බව සජිත් කියයි




කුමන බලපෑම් ආවත් තමන් රට පාවා නොදෙන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, මාවනැල්ල ප‍්‍රදේශයේ පැවති ජනරැළියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සඳහන් කළේ "සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයක්ම කේන්ද්‍ර කරගනිමින් කර්මාන්ත පුර ආරම්භ කරනවා. ඒ තුළින් යොවුන් පරපුරට රැකියා ලැබෙනවා. බංග්ලාදේශයට, ඉන්දියාවට, වියට්නාමයට යන විදේශ ආයෝජන අපි අපේ රටට ලබා ගන්නවා. "යනුවෙනි.