Tuesday, May 14, 2024

General line - 0115112241

ශිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉවත් වෙයි

මාධව කුලසූරිය -වවුනියාව




මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් ටෙලෝ සංවිධානයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එම සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් ප්‍රකාශ කළේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත භාරදුන් බවයි.

පක්ෂ ප්‍රතිපත්ති හා තීරණයන්ට විරුද්ධව යමින් ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ටෙලෝ සංවිධානය, එම් කේ සිවාජිලිංගම් හට දන්වා තිබුණා.