Friday, May 17, 2024

General line - 0115112241

"ශ්‍රම බලකාය නිර්මාණය කිරීමට කෙටිකාලීන වැඩපිළිවෙළක්"




තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය ඔස්සේ ලබන ආදායම ඉහළ දැමීම සඳහා අවශ්‍ය ශ‍්‍රම බලකාය නිර්මාණය කිරීමට කෙටිකාලීන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

බදුරලියේ පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ප‍්‍රචාරක රැළියක් බේරුවල නගරයේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවයි. රටේ වැටී ඇති සෑම ක්ෂේත්‍රයක්ම නැවත ගොඩ නැගීමේ වැඩපිළිවෙල සිය පාර්ශ්වය දියත් කරන බවද සඳහන් කළා.