Thursday, May 16, 2024

General line - 0115112241

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ඇද්ද නියාමක කොටු




අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සැකකාර බන්ධනාගාර නියාමකවරයා සේවා මුරය සඳහා බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදීයි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10 ක්, ගංජා ග‍්‍රෑම් 14 ක් සහ මත්පෙති 27 ක් සොයා ගෙන තිබෙනවා.

සැකකරු සහ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා අගුණුකොලපැලැස්ස පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.