Thursday, May 16, 2024

General line - 0115112241

ගුරුකන්ද විහාරය කඨින පිංකමට සූදානම් කෙරේ

දිනසේන රතුගමගේ




මුලතිව් නායාරූ ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති මිහිදුපුර රතනදේවකිත්ති හිමියන්ගේ අනුශාසනා මත මේ මස 09 සහ 10 යන දිනවලදී සිදු කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව  09 වැනිදා රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනයක් හා කඨින චීවරය වැඩමවීම සිදු කෙරෙන අතර පසු දින හීල් දානමය පිංකමෙන් මෙවර කඨින පින්කම අවසන් වන බව විහාරස්ථ දායක සභාවේ ලේකම් මානෙල් කරුණාරත්න සඳහන් කළා.