Friday, May 17, 2024

General line - 0115112241

බිරිද හා දරු දෙදෙනා ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම




සිය බිරිද සහ දරු දෙදෙනා ගෙල සිරකොට මරා දැමු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්ච් මහතා විසින් අද (07) මරණ දඬුවම නියම කරනු ලැබුවා.

2012 වර්ෂයේ දෙසැම්බර් මස 17 වෙනිදා මොරටුව ප්‍රදේශයේදි මධුර මනරංග ද සිල්වා යන විත්තිකරු විසින් සිය 36 හැවිරිදි බිරිද, 3 හැවිරිදි සහ මසක් වයසැති දරු දෙදෙනා ගෙල සිර කොට ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා.

විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවිම නිසා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් මරණ දඩුවම පනවනු ලැබුවා.