Thursday, May 16, 2024

General line - 0115112241

නිවැරදි නායකත්වයකින්, රට ගොඩ නැගිය හැකියි - ගෝඨා




නිවැරදි නායකත්වයකින්, රට ගොඩ නැගිය හැකි බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මතුගම පැවති ජන රැුළියකට එක්වෙමින්.
 

මේ අතර, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමේ තවත් ජන රැළියක් රත්නපුර ප‍්‍රදේශයේදී අද පැවැත්වුණා.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද කළ විශේෂ ප‍්‍රකාශය පිළිබදව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ එහිදී අදහස් පළ කළා.