Friday, May 17, 2024

General line - 0115112241

ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරු එකෙන් පසු ගිගුරුම් සහිත වැසි




බස්නාහිර සහ ගාල්ල, පුත්තලම මෙන්ම ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේත් තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. 

සෙසු ප‍්‍රදේශවල තැනින් තැන පස්වරු 01 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

උතුරු, උතුරු මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව යන පළාත්වල උදෑසන කාලයේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.