Friday, May 17, 2024

General line - 0115112241

හිටපු මන්ත්‍රි ජේ.ශ්‍රී. රංගා ඇතුළු 06 කට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි




හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ශ්‍රී. රංගා ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (07) වවුනියාව මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට අයත් ලියාපදිංචි නොකළ වාහනයක් ඔහු විසින්ම පදවා ගෙන යමින් සිටියදී 2011 මාර්තු මස 30 වෙනිදා වවුනියාව සෙට්ටිකුලම රෝහල අසලදී එම වාහනය ගසක හැපීමෙන් වාහනයේ සිටි පොලිස් සැරයන් වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙසේ මියගිය පොලිස් සැරයන්වරයා මන්ත්‍රිවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු වූ අතර ජේ.ශ්‍රී. රංගා ඒ අවස්ථාවේදී  වාහනය පදවන ලද්දේ පොලිස් සැරයන්වරයා වීසින් බවට පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබුණා.

මෙම අපරාධය  වසංකොට ව්‍යාජ තොරතුරු සැපයීම සදහා එවකට වවුනියාව බාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, වවුනියාවේ හිටපු ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු හිටපු මන්ත්‍රිවරයාට උදව් කොට ඇති අතර ඔවුන් පස් දෙනාට හා ජේ.ශ්‍රී. රංගාට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව ගොණු කොට ඇත.

අපරීක්ෂාකාරී ලෙස අධික වෙගයෙන්  වාහනයක් පදවා මිනිස් ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ශ්‍රී. රංගාට එරෙහිව මේ නඩුවෙදීම තවත් චෝදනාවක් ගොණු කොට තිබේ.