Friday, May 17, 2024

General line - 0115112241

පැය 24කදී මැතිවරණ කොමිසමට පැමිණිලි 131 ක්




ඊයේ පස්වරු 04 න් අවසන් වූ පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 131 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අතරට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 128 ක් සහ වෙනත් පැමිණිලි 03 ක් ද අයත්.

මේ අතර ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමෙන් පසු මේ දක්වා කාලය තුළ මැතිවරණ පැමිණිලි 3,214 ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එම පැමිණිලි අතරට ප්‍රචණ්ඩ ක්‍රියා 25ක්, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 3,087 ක් සහ වෙනත් පැමිණිලි 102 ක් ද අයත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.