ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය කරන ලද සාදයක් වටලා එහි සිටි තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 09 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සාදය මීගොඩ ප්‍රදේශයේ හෝටලයක පවත්වා ඇත්තේ.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර නීතිවිරෝධී සාදයක සාමාජිකයින් වීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර මෙම සාදයට සහභාගිවී සිටි සියලුම තරුණ තරුණියන් නීතිවිරෝධී මත්ද්‍රවය පානය කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ගංජා ග්‍රෑම් 27ක් ලග තබා ගෙන සිටිමේ සැකකරුවන් 07 දෙනෙකු ද හෂිස් මිලිග්‍රෑම් 200 ක් ලග තබා ගෙන සිටි සැකකරුවෙකුද සිටින බවයි පොලිසිය සඳහන් කලේ.
වයස අවුරුදු 18 - 27 ත් අතර වන මෙම තරුණ තරුණියන් පිරිස අද දිනයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.