Tuesday, May 7, 2024

General line - 0115112241

තනතුරු, වරප‍්‍රසාද ලෙස නොසලකන්නැයි ජනපති දිවුරුම් දුන් පිරිසට කියයි




අද දිනයේදී ලැබුණු තනතුරු, වරප‍්‍රසාද සේ නොසලකන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. 

ඒ, අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියේාජ්‍ය ඇමතිවරුන් අමතමින්.

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම් භාරදෙමින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කි‍්‍රයාත්මක කිරීමට සකී‍්‍රය දායකත්වය ලබා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේ. 

අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පැවරෙන කාර්යයන් පිළිබඳව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කරුණු පැහැදිළි කළා.