Tuesday, May 7, 2024

General line - 0115112241

අමාත්‍යාංශ ලේකම්වරුන් 20 දෙනෙකු පත්වීම් භාර ගනී




අමාත්‍යාංශ ලේකම්වරුන් විසි දෙනෙකු සදහා අද පත්වීම් ප‍්‍රදානය කෙරුණා. ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අමාත්‍යාංශ දෙකක් හෝ කිහිපයක් හොඹබන අතර එසේ වනවිට ඒ ඒ අමාත්‍යාංශය සදහා වෙන් වෙන්ව ලේකම්වරුන් පත්කර තිබීම විශේෂත්වයක්.

සංචාරක සහ ගුවන් සේවා ලේකම් ලෙස එස් එම් මොහොමඞ් පත් කර තිබෙනවා. මාර්ග සහ මහා මාර්ග ලේකම්වරයා වන්නේ ආර් ඩබ්ලිව් ආර් පේමසිරියි. අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ ලේකම් ලෙස ජේ ජේ රත්නසිරි පත් කර තිබෙනවා.

රවීන්ද්‍ර හේවාවිතාරණ පත්කර ඇත්තේ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ලේකම්වරයා ලෙසයි. කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ ලේකම්වරයා ලෙස ජේ ඒ රංජිත්ද උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝද්පාදන ලේකම්වරයා ලෙස අනුර දිසානායකද පත් කර තිබෙනවා. 

මගී ප‍්‍රවාහන කළමණාකරණ ලේකම්වරයා වන්නේ ගාමිණි සෙනෙවිරත්නයි. චූලානන්ද පෙරේරා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ලේකම්වරයා වනවා. විදුලිබල හා බලශක්ති ලේකම් වන්නේ වසන්තා පෙරේරායි. පි‍්‍රයන්ත මායාදුන්නේ වරාය හා නාවික කටයුතු ලේකම්වරයා ලෙසත් එස්. හෙට්ටිආරච්චි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා. 

විදේශ සබදතා ලේකම්වරයා වන්නේ ආර් පී ආර්යසිංහයි. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ ලේකම් ලෙස ඒ එස් එම් එස් මහානාමද පරිසර හා වනජීවි සම්පත් ලේකම් ලෙස ජේ එම් සී ජයන්ති විජේතුංගද පත්කර තිබෙනවා. ආර් ඒ ඒ කේ රණවක ඉඩම් හා ඉඩම් සංවර්ධන ලේකම්වරයායි. මාපා පතිරණ කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන ලේකම්වරයා වනවා.

ධීවර හා ජලඡු සම්පත් ලේකම් වන්නේ ආර් එම් අයි රත්නායකයි. පී එස් එම් චාල්ස් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ලේකම් ලෙසද එන් බී මොන්ටි රණතුංග කුඩා හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන ලේකම් ලෙසද පත් කර තිබෙනවා. ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් ලේකම්වරයායි.