Tuesday, May 14, 2024

General line - 0115112241

දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත්




දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරුමැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත, බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලු සෙසු ප්‍රදේශවලට මිලි මීටර 100 ක තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.